
ප්‍රබුද්ධඃ පිටුව 3
3
මේ වාගේ දේ ලියන්න
මම දන්නෙ නෑ ළමයෝ !
මම ඕන් නම් මගේ නම ලියලා දෙන්නම්.
අනේ එපා!
ඔච්චර ලොකු කෙනෙකුට
ඇයි බැරි මොකවත් ලියන්න ?
මොනවා හරි ලියන්ඩ නම් ඕන§§ෑ මයි
මීට පළමු කාටවත් ම නොලිව් දෙයක්.
ප්‍රබුද්ධ හිස් පිටුවක
තම නම හා දිනය ලිවී.
අයියෝ හරි නරකයි ! නරකයි.
එ, තැන් සිට ලෝකය වෙනස් විය.
නැති වුණා වාගේ ය නිදහස
තනිකමක් උපනේ ය සිත තුළ.
දුකක් වූයේ නැත
දුක එතෙක් කල් ඔහුට
විණා තන්ත්‍රී මත
ඔහු ඇඟිලි තුඩු පැහැරෙන
දැණින සුවයක්.. සන්සිඳීමක්
දුකක් එහි නැත.
සැපක් එහි නැත
මුහුකුරත සංගීතය
ඉතිරි වෙයි රස දෙයක්
දුක හා සතුට.
එහෙත් ඒ දෙක එක ම ය
දුක ද නොව සතුට ද නොවේ ම ය.
සිත නිවන සාමයක්
පහන් සංවේගයක්
මෙතෙක් ඔහු සිත අපිස් කරවි.
ප්‍රබුද්ධඃ පිටුව 2
2
සුදුමැලි දෑස් පටල තිර පට මත
සිතුවම් පෙළක් සෙයින්
බහල තිමිර විනිවිද ගෙන
අතීත ස්මරණය පහළ විය.
”සර්
මෙතෙක් කල් මා අසා සිටියා කල්ප ගණනක්
ඔබේ ගී හඬ
ඔබේ වෙණ හඬ.
දුටුවා පත්තර වල
ඔබ පිළිරුව
ඔබ ගැන තොරතුරු විස්තර.
දකින්න ආසාවෙන් සිටියේ මෙච්චර කල්
ඔබ වාගේ ගයන්න
ඔබ වාගේ වයන්න
බැරිද මටත් උගන්වන්න ?
මගේ හොඳම ගීය ඔබ ගයනා
ජාති ජාති සංසාරේ ඔබ මා හා ආවා
ජාති ජාති සංසාරේ ඔබ මට මග කීවා
මේ!
බලන්න මගෙ සමරු පොතේ
මුලටම මම ලිව්වෙ ඒ දෙපදය.
අනේ! මගේ සමරු පොතේ
මොනවා හරි ලියා දෙන්න!”
ප්‍රබුද්ධ පොත ගෙන පෙරළා බැලීය.
නොයෙක් දෙන ලියා දුන්
නොයෙක් වග වාසගම් එහි විය.
ඔබට සදා ජය!
ඔබේ පැතුම් ඉටු වූ දින
මා අමතක නො කරනු මැන!
සොයන්නාට සම්බ වේ!
ආදරය මිහිරි වේදනාවකි.
ප්‍රබුද්ධ - පිටුවඃ1
ප්‍රබුද්ධ
භවයකින් පසු තවත් භවයක
උපන්නා සේ ඔහුට හැඟුණේ ය.
මරණයෙන් පසු අළුත් උපතක්
ලබන්නා සේ ඔහුට හැඟුණේ ය.
ගිලන් හලේ සුදු හැඳ ගත් හෙදියන්
සුදු බිත්ති හා ඇඳන්
සියළු වස්තු සම්මිශ්‍ර ව
තිරයක් සේ විය
අඩක් ඇරී සිහි ලබනා දෑසට
වාට්ටුවේ ඇතුළත හා පිටත නැගෙන
සියළු ශබ්ද සම්මිශ්‍ර ව
සමුද්‍ර ඝෝෂාවෙ හි
වර්ෂාවෙ හි
එක් වන් හෝ නාදය මෙන්
ශුද්ධ ඕංකාරය මෙන්
ප්‍රකෘතියෙහි සංගීතය
මඳින් මඳ ව ඇසෙන්ට විය.
කාලය මිදී ඝන ව තිබී
අසංඛ්‍ය කල්පයකට පසු
කෙමෙන් ඇරෙන නෙත් ආලෝකයෙන් උණු ව
සෙමින් සෙමින් ගලා ගියේ ය.
පිටුවඃ1
මා මළ පසු ...
නිමිත්තඃ
සේකරයන් වෙත ලිපි එවූ දහසක් නොහඳුනන සහෘද රසිකයන් වෙනුවෙන් මෙම ගීය ලිය විණැ යි කියැවේ.
අහන්න මෙතැනින්
මා මළ පසු
ප්‍රබුද්ධ
යසෝදා !
පසක් කලා මම තවත් සත්‍යයක්
සාගතයෙන් පෙළෙන තැනක
වගා නොවන බව ධර්මය
සාගින්නෙන් පෙළෙන අයට
පසක් කර ගත නොහැක ධර්මය
සුන්දරත්වය, නිවන .. සත්‍යය..
….. ….. ..
ධර්මය වටහා ගත හැකි
සත්‍යය සුන්දර බව දැකගත හැකි
උත්තර සමාජයක් ගොඩ නැගුමේ මුල් පියවර
කෑමෙන් බීමෙන්
ඇඳුමෙන්
ගෙයින් දොරින්
තෘප්තිමත් වූ ලොවක් තැනීමය
ඒ සඳහා මම නවතිමි
නැවතීම මය ගමන
සංසාරය.. නිවන
ලයනල් රාජතිලක සහ ප්‍රියන්ත
ධර්මේ
කාසිම්
රාජසුන්දරම්
මෙහෙ වරෙල්ලා
අපි ඔක්කොම එකතු වෙලා
මේ ලෝකය
යහපත් තැනක් කරමු මීට වැඩිය..
නිශ්ශබ්දතාව කතා කරයි
ඔබගේ හදවතින් නැගෙන
නිහඬ සියුම් අඳෝනාව
අනන්ත වූ අවකාශය
නිශ්ශබ්ද ව අසා සිටියි
ඔබට ඉතා ළඟින් සිටින
ඔබෙන් බොහෝ ඈත වෙසෙන
මම ද
ඔබගෙ දුක් ගී හඬ
එපරිද්දෙන් අසා සිටිමි
දහවල දිව පැන දඟලන
කලබලකාරී ලෝකය
රාත්‍රියේ අඳුර පෙරව
සන්සුන් වී නිදියන කල
ඔබ නොනිදා
කවුළු දොරින්
අහස් ගැබට හෙලූ නෙතින්
මගේ හදේ දුක් ගී හඬ
ඔබේ හදින් අසන විට දි
මම නොනිදා
කවුළු දොරින්
අහස් ගැබට හෙලූ නෙතින්
ඔබේ හදේ දුක් ගී හඬ
මගේ හදින් අසා සිටිමි
අනන්ත වූ අවකාශය
සුළං දහර නිශ්චල කොට
ඔබෙත් මගෙත් දුක් ගී හඬ
නිසංසල ව අසා සිටියි
ඔබගේ ඇස් වලින් පෙරෙන
කාන්තියෙන් එළිය රැගෙන
පොඩි තරු කැට දිලී නිවී
කඳුළු හෙළා වැළපෙන හැටි
ඒ අවකාශය අතරින්
නිදි නැති මට එවිට පෙනෙයි
මගේ හදින් නැගෙන සුසුම්
අඳුර අතර පා වී ගෙන
කවුළු දොරින් රිංගා විත්
සෙමෙන් ඔබේ හිස පිරි මැද
නිදි නොමැතිව සිටින ඔබගෙ
මුහුණ සිඹිනු ඔබට දැනෙයි
අනන්ත වූ අවකාශය
සුළං දහර නිශ්චල කොට
ඔබෙත් මගෙත් දුක් ගී හඬ
නිසංසලව අසා සිටියි
ඔබෙත් මගෙත් දුක් ගී හඬ
අසා සිටින අවකාශය
පිටත ලොවට නෑසෙන්නට
නොපෙනෙන්නට මැරී සිටින
ඔබෙත් මගෙත් ආත්මයන්
නිසංසලව එක් කරවයි
සක්වා ලිහිණි - 1962
මගේ කවියෙන් ඔබ දකින්න…
අඳුරු අහස් ගැබ කෙළවර
රන්වන් පෑයෙන් පායන
පහන් තරුව දැක ගන්නට
ඒ බව දැන හෝ නොම දැන
ඔබත් මමත් අපි හැම දෙන
යමින් සිටිමු එකම අතට
ඒ ගමනේ මට හමු වන
ගල් පරුවත හෙල් ප්‍රපාත
මට වාගෙම ඔබ හැමටත්
යම් දවසෙක හමු වනු ඇත
දෙපය බැඳෙන මළ පුඬුවෙන්
ඔබ යන මග ඇහිරී
බෙරුව ඉසින අයස මඬින
ඝත කිලි කුණු තැවරී
කැට මුගුරින් පහර ලබා
දුබල අතින් පොළොව බදා
මා දමන් ඔබ ඒ දවසේ
අසරණ වී වැළපෙන විට
මා ලිව් කවි මට වාගෙම
ඔබ හැමටත් පොදු වනු ඇත
සබඳ ! එවිට මගෙ කවියේ
මා නොසොයා ඔබ දකින්න..
මා යන මග කටු පඳුරින්
දෙපය බිඳී ගලන ලෙයින්
කටු මඟ හැර නිසි මඟ දැන
ඔබේ ගමන නිම කොට ඔබ
අප සොයනා පහන් තරුව
මට පළමුව දැක ගත හොත්
ඒ වෙනුවෙන් ඔබේ පයට
ආසිරි මල් පිබිදෙනු ඇත.
ඒ මල් තුළ මා දකින්න.
සක්වා ලිහිණි 1962-
ඔබ ගැන ම මා ලියන ඒ කවිය
ඔප් නැගුණු විසල් මේසයක් මත
තබා සුදු සුමුදු කරදාසියක්
ඒ මත පාකර් පෑන් තුඩකින්
ලියන්නට මට නොමැත කවියක්
වැඩ ඇරී ගෙදර එන කලට ඔබ සමඟ
සෙනඟින් පිරී ගිය දුම්රියක
අවුලා ගෙන හිස් සිගරට් පැකට්ටුවක්
ඒ මත පැන්සල් කෙටියකින්
කුරුටු ගාන්නට මට ඇත කවියක්
එසේ වුව සොයුරෙනි!
ඔබ ගැන ම මා ලියන ඒ කවිය
ඔබගෙන් බොහෝ දෙනෙකුට
අද දින නොවැටහෙන බව දනිමි
ලෝකය මීට වඩා යහපත් වන
අනාගතයේ යම් දවසක
ඔබ එය මීට වඩා ආදරයෙන්
කියවන බව ද දනිමි