මහගම සේකර

welcome
නිම් වළල්ලෙන් එපිට සඳරැස් ගලන නිල් මිටියාවතේ - නිහඬතාවය තුළින් මතු වී ඔබේ පාමුදු හඬ ඇසේ....... පෙළ ගැහී දුර වන්දනාවක ඉගිළ යන සමනලුන්නේ - පියාපත් මත තබා ඔබ මා අනන්තය වෙත රැගෙන යේ...... දහක් මුවෙකින් නැගෙන ඔල්වර සිනා හඬ දසතින් ඇසේ - දහස් ගනනක් සෙනඟ අතරේ මහා තනියක් මට දැනේ….....අහස් ගඟ බඩ හිමවු කුළුමත ඔබේ රන් මිණි විමානේ - පහන් දල්වා තබනු මැන මා නිදන කුටියට පෙනෙන සේ…

ඔබ ගැන ම මා ලියන ඒ කවිය


ඔප් නැගුණු විසල් මේසයක් මත
තබා සුදු සුමුදු කරදාසියක්
ඒ මත පාකර් පෑන් තුඩකින්
ලියන්නට මට නොමැත කවියක්

වැඩ ඇරී ගෙදර එන කලට ඔබ සමඟ
සෙනඟින් පිරී ගිය දුම්රියක
අවුලා ගෙන හිස් සිගරට් පැකට්ටුවක්
ඒ මත පැන්සල් කෙටියකින්
කුරුටු ගාන්නට මට ඇත කවියක්

එසේ වුව සොයුරෙනි!
ඔබ ගැන ම මා ලියන ඒ කවිය
ඔබගෙන් බොහෝ දෙනෙකුට
අද දින නොවැටහෙන බව දනිමි

ලෝකය මීට වඩා යහපත් වන
අනාගතයේ යම් දවසක
ඔබ එය මීට වඩා ආදරයෙන්
කියවන බව ද දනිමි

0 comments:

Post a Comment