ප්‍රබුද්ධ - පිටුවඃ1
Posted by
Sekara-fan
/ 1/22/2010 /
ප්‍රබුද්ධ
භවයකින් පසු තවත් භවයක
උපන්නා සේ ඔහුට හැඟුණේ ය.
මරණයෙන් පසු අළුත් උපතක්
ලබන්නා සේ ඔහුට හැඟුණේ ය.
ගිලන් හලේ සුදු හැඳ ගත් හෙදියන්
සුදු බිත්ති හා ඇඳන්
සියළු වස්තු සම්මිශ්‍ර ව
තිරයක් සේ විය
අඩක් ඇරී සිහි ලබනා දෑසට
වාට්ටුවේ ඇතුළත හා පිටත නැගෙන
සියළු ශබ්ද සම්මිශ්‍ර ව
සමුද්‍ර ඝෝෂාවෙ හි
වර්ෂාවෙ හි
එක් වන් හෝ නාදය මෙන්
ශුද්ධ ඕංකාරය මෙන්
ප්‍රකෘතියෙහි සංගීතය
මඳින් මඳ ව ඇසෙන්ට විය.
කාලය මිදී ඝන ව තිබී
අසංඛ්‍ය කල්පයකට පසු
කෙමෙන් ඇරෙන නෙත් ආලෝකයෙන් උණු ව
සෙමින් සෙමින් ගලා ගියේ ය.
පිටුවඃ1
0 comments:
Post a Comment