මහගම සේකර

welcome
නිම් වළල්ලෙන් එපිට සඳරැස් ගලන නිල් මිටියාවතේ - නිහඬතාවය තුළින් මතු වී ඔබේ පාමුදු හඬ ඇසේ....... පෙළ ගැහී දුර වන්දනාවක ඉගිළ යන සමනලුන්නේ - පියාපත් මත තබා ඔබ මා අනන්තය වෙත රැගෙන යේ...... දහක් මුවෙකින් නැගෙන ඔල්වර සිනා හඬ දසතින් ඇසේ - දහස් ගනනක් සෙනඟ අතරේ මහා තනියක් මට දැනේ….....අහස් ගඟ බඩ හිමවු කුළුමත ඔබේ රන් මිණි විමානේ - පහන් දල්වා තබනු මැන මා නිදන කුටියට පෙනෙන සේ…

ප්‍රබුද්ධ


යසෝදා !
පසක් කලා මම තවත් සත්‍යයක්
සාගතයෙන් පෙළෙන තැනක
වගා නොවන බව ධර්මය
සාගින්නෙන් පෙළෙන අයට
පසක් කර ගත නොහැක ධර්මය
සුන්දරත්වය, නිවන .. සත්‍යය..
….. ….. ..
ධර්මය වටහා ගත හැකි
සත්‍යය සුන්දර බව දැකගත හැකි
උත්තර සමාජයක් ගොඩ නැගුමේ මුල් පියවර
කෑමෙන් බීමෙන්
ඇඳුමෙන්
ගෙයින් දොරින්
තෘප්තිමත් වූ ලොවක් තැනීමය
ඒ සඳහා මම නවතිමි
නැවතීම මය ගමන
සංසාරය.. නිවන

2 comments:

රනිල් මුදුන්කොටුව said...

A good work buddy.. keep going..!!
I love these..

Indranatha Thenuwara said...

මහගම සේකර කියන්නේ මගේ ජීවිතයෙන් තුනෙන් දෙකක්.. මට හිතන්න, ලියන්න, අඳින්න, රස විඳින්න, ආදරය කරන්න, විරහව විඳ ගන්න, උපේක්ෂාවෙන් ලෝකය දිහා බලන්න මට මහත් ශක්තියක්, ​ධෛර්යයක් වුනේ එතුමන්ගේ නිර්මාණ. මම එතුමන් ව හැබැහින් දැකල නැතත්, එතුමන්ගේ නිර්මාණ තුළින් මුළු ලෝකය ම දකින්නට තරම් වාසනාව ලැබුවා..

ඔබේ මේ උත්සාහය මා වැනි ම වූ තවත් දහසක් දෙනෙකුට පන්නරය ලබන්නට මහත් ම ශක්තියක් වේවා යි ප්‍රාර්ථනා කරන්නෙමි.

Post a Comment